Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ජපානයේ රැකියා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාව ගිවිසුමකට අත්සන් තබයි.

ජපානයේ රැකියා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාව ගිවිසුමකට අත්සන් තබයි.

ජපානයේ සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා වැඩි රැකියා අවස්ථා විවෘත කිරීම සඳහා රජය ජපානයේ ජාත්‍යන්තර අභ්‍යාසලාභී සහ පුහුණු සේවක සහයෝගිතා සංවිධානය (JITCO) සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව, JITCO විසින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ‘තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන් (TITP) සහ ‘නිශ්චිත පුහුණු සේවක වැඩසටහන් (SSW) සඳහා ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන පරිදි මෙම වැඩසටහන් මගින් ජපානයේ රැකියා වෙළඳපොළට සම්බන්ධ වීමට සංක්‍රමණික ශ්‍රමිකයින්ට උපකාර වනු ඇත.

මෙම අවස්ථාවට JITCO නියෝජනය කරමින් Masato Kume, Naoki Komi සහ Shigeo Matsutomi යන නිලධාරීන් සහභාගී විය.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) වැඩබලන සභාපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *