ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් විසින් කර ඇතැයි පැවසෙන මෙම ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරයි.
මේ අතර ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් නිදහස් කෙරුණු අනුරාධපුරයේ තිලකරත්න නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ සිටිති.