ජනාධිපති මාධ්‍ය ඒකකයේ එදා තිබූ මිලියන 162ක භාණ්ඩ අතුරුදන්

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ රුපියල් මිලියන 162 වටිනා භාණ්ඩ රැසක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය වෙත දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදු කරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරීවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එසේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවාද යන්න පිළිබඳව ද සොයා බැලීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *