ජනාධිපති

ජනාධිපති ගෝඨාභය සිය ධුරයේ වැඩ ආරඹා අදට දින 100යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපති ධූරයේ වැඩ අරඹා දින 100ක් ගත වන අද (25) දිනය වන විට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඒහා සමගාමීව ජනතා අපේක්ෂා ඉටුකිරීමට තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරනවා.

අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් නව වැඩපිළිවෙල රාශියක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර රාජ්‍ය සේවය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද අපේකම සුරැකුණ ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට මෙහෙයවීමට ද ගත වු කාලය තුළ ජනාධිපතිවරයා කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ආදර්ශයන් රැසක් ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුජන යහපත උදෙසා අදාළ තීරණ රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *