ජනවාරි සිට නෙළුම් කුළුණෙන් බංගි පැනීම ආරම්භ කිරීමට පියවර…

කොළඹ නෙළුම් කුළුණෙන් බංගී පැනීම ආරම්භ කිරීම සඳහා Colombo Lotus Tower Management Company (pvt) Limited සහ සිංගප්පූරුවේ මූලස්ථානය වන ‘Go Bungy’ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී.

ඒ අනුව 2023 ජනවාරි 01 වැනිදා සිට නෙළුම් කුළුණෙන් බංගි පැනීම දියත් කෙරේ.

කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ මෙය ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

මෙම පිම්ම මීටර් 350ක උසකින් පැවැත්වෙන අතර දිනකට පිම්ම 130ක් පමණ සිදුකිරීමට නියමිතය. මේ අතරින් නෙළුම් කුළුණ ආලෝකමත් කළ පසු රාත්‍රී කාලයේ දී පිම්ම 30-40ක් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *