18%ක නව එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය අද ප්‍රකාශ කළේය.
එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ජනවාරි මාසයේ සිට පෙට්‍රල් මිල රුපියල් 50කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් ඉන්ධන මිල අනුව පළමු කිලෝමීටරයේ ගාස්තුව ඉහළ යනු ඇති බවයි.
“පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් ඇති කිරීමට අපි කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නමුත් මෙවර එහෙම ඉන්න බැහැ.වැඩිවෙන මිලට අනුව ගාස්තු වැඩි කරන්න වෙනවා.
“නමුත් වැඩි වූ මිල ගණන් මගීන්ට දරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් තිබේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.