ජනයාට උදව් කරන්න ගිය හමුදාවේ පොලිසියේ 7 ක් මරුට

ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට උදව් කිරීමට ගිය ආරක්ෂක අංශ නිලදරැවන්  හත් දෙනෙකුගේ ජීවිත නැතිවුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

නාවික නිලධාරීන් පස් දෙනෙකුගේද පොලිස් නිලධාරියකුගේද ගුවන් හමුදා නිලධාරියකුගේද ජීවිත මෙසේ නැතිවුණු බව ඔහු කීවේය.

විපක්ෂය කාලගුණ විපත සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පළ කිරීම ගැන කණගාටුදායක බවත් එයින් සිදුවන්නේ ජනතාව තවත් භීතියට පත්වීම පමණක්  බවත්  මහජන ආරක්ෂක අමාත්‍යවරයා  පැවසීය.

අනතුරු ඇඟවීමේ කාලගුණ නිවේදනය පැමිණි 25 වැනිදා සිට  රජය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය. රජයක් හැටියට කළ හැකි සියලු දේ කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ආපදාවට පත්   ජනතාවගේ සුභ සාධන කටයුතු සදහා  කෝටි   1000 ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට  යවා ඇතැයිද ඔහු කීවේය. විපක්ෂය මොන බොරු කිව්වත් ජනතාව  ඇත්ත දේ  හොදින් දන්නා බව පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර සංවිධාන පවා රජයේ ක්‍රියාවලිය පැසසුමට ලක් කර ඇති බව සඳහන් කළේය.

ග්‍රාම නිලධාරියාගේ සිට සියලුම රාජ්‍ය සේවකයන්  ආපදාව කළමනාකරණය කිරීමට දැඩි කැපවීමෙන්    දායක වූ බවත් ඒ අයට තමා ස්තුතිය පුද කරන බවත් ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *