වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බව පැවසීය.
වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.