අද (05) සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම වෙනුවෙන් ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් වාහන නැවැත්වීමේ ස්ථානයක් ලෙස භාවිතයට ගනු ලැබූ බිම් ප්රදේශයක් විරෝධතා පැවැත්වීම සඳහා වෙන් කරදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයෙන් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ ස්ථානයේ සිංහල, දමිළ සහ ඉංග්රීසි භාෂාවෙන් “උද්ඝෝෂණ ස්ථානය” යනුවෙන් නම් කර ඇති පුවරුවක්ද සවිකර තිබේ. විරෝධතා නිසා ඇතිවන මාර්ග තදබදය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ස්ථානය වෙන් කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.
2020-02-05