රවී

ජනපති රට අඳුරු යුගයෙන් ගොඩට ගෙනාවා: රවී

2024 අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව අඳුරු යුගයෙන් යම් ප්‍රමාණයකට ගොඩ ගෙන ඇති නමුත් එය පහසු ගමනක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුෂ්කරතා මැදින් මෙවර අයවැය ගෙන ඒමට හැකි නායකත්ව වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා පෙන්වා දෙන බවයි.

“මේ වෙලාවේ අපි හැමෝම කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඕන. වැටුණු ආර්ථිකය ගොඩගන්න එතුමා කටයුතු කරනවා.මේ රට බංකොලොත් කළේ එතුමා නෙවෙයි, ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම ලේසි වැඩක් නෙවෙයි.මේ වෙලාවේ හොඳම දේ තමයි වියදම් අඩුකරලා ආදායමක් උපයාගන්න පුළුවන් නිර්මාණශීලිත්වය ඇතිකර ගැනීම,” ඔහු පැවසීය.

“කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.රටේ ආර්ථිකය කවුරු කඩා වැටුණත් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න සිද්ධ වුණා ඒකෙන් ගොඩ එන්න මිසක් ප්‍රායෝගිකව ඒ හැමදේටම නැමිය යුතු නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා” යැයි හිටපු අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *