ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව කොළඔ බලා පැමිණෙන අතරතුර මහනුවර දී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ලබා ගත්තේය.

ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමියන් සමඟ පිළිසඳර කතා බහකද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *