ජනපති අරමුදලට විද්ද මැති ඇමැති ගැන විමර්ශන සි.අයි.ඩීයට

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.

ඒ අනුව 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලයේ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබේ.

එම ගොනු වලට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *