ජනපති අපේක්ෂකයෙක් සජිත්ට සහාය දෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා භාරදී හීටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් විය.

ඔහු සමගි ජනබලවේගය තංගල්ල නගරයේ පැවැත්වු ජන රැලියටද සහභාගී වූහ. එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරමින් කතාවක්ද පැවැත්වීය.

දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර ඇති ප්‍රේමසිරි මානගේ මහතා එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද තේරී පත්විය.

පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීය. ඒ අතරතුර දී මෙවර ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *