ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක් සම්පූර්ණ කර ඇත්නම් ඔහුට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමිවන අතර ඔහු විශ්‍රාම ගිය පසු ජනාධිපති ධුරයේ විශ්‍රාම වැටුපද හිමිවන්නේය.

මේ ආකාරයට තමාට විශ්‍රාම වැටුප් දෙකක් අවශ්‍ය නැති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයකු ලෙස ලැබෙන විශ්‍රාම වැඩුප ඉවත් කරන ලෙස අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියකින්ද ඒ බව දැනුම් දී ඇත.

එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය එහි මූල්‍ය අධ්‍යක්ෂවරයාට යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *