ජනපති – අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක්

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද  සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය  හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය   හරිනි අමරසූරිය මෙනවිය ද මීට සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *