ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනිදා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් සභා ආරංචි පවසයි.
නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීම සිදුකෙරේ.
නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන් වේ. ඒ අනුව නොවැම්බර් මස අග හෝ දෙසැම්බර් මස මුල බොහෝ දුරට ජනපතිවරණයට දින නියම වනු ඇත.
(උපුටා ගැනීම – ලංකාදීප)