ජනතාව පැතූ වෙනසේ ලොකුම පංගුව රාජ්‍ය සේවකයන්ටයි

ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙන බවද නානායක්කාර මහතා කීය.

හර්ෂණ නානායක්කාර මහතා මේ බව කීවේ 2025 නව වසරේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Clean Srilanka ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සව විකාශය නැරඹීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් එක් වු අතර, Clean Srilanka පුරවැසි ප්‍රතිඥාව ප්‍රකාශ කිරීම ද මෙහිදී සිදු විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *