ජනතාවට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න

ආණ්ඩුවට පසුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවත් නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *