චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව නොමිලේ ලබාදීම කොළඹ වරායේ දී ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.
ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මේ නෞකාව අද උදෑසන සිට දෙසැම්බර් 27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටී.
CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීන කටු ප්‍රතිකාර ඇතුළු චීන වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි ව්ශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.