මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ (18) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.
ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ.
ඔවුන් අද දින රාත්‍රී 06.30ට මාලදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා, තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.