නීතිවිරෝධී කටයුතු සඳහා චීනයට සහාය ලබාදුන් කැනඩාවේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු හොංකොං හිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු චීනයට වාසි සහගත ලෙස ඔත්තු හෝ සේවාවන් ලබාගැනීම සඳහා කැනඩාවේ දැනුම සහ සම්බන්ධතා ජාලය භාවිත කළ බවට චෝදනා එල්ලවී තිබේ.
තොරතුරු ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම, විදේශීය ආයතනයක ප්‍රයෝජනය සඳහා ක්‍රියාකිරීම මෙන්ම කුමන්ත්‍රණය කිරීම යටතේ ද සැකකරුට චෝදනා එල්ලවී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැනේඩියානු බලධාරීන් 2021 වසරේ සිට විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන් ය.