‘චින්තා’ අත්අඩංගුවට

වැල්ලම්පිටිය වඩු ගොඩවත්ත ප්‍රදේශයේ අලුයම කළ මෙහෙයුමකදී අපරාධ සඳහා චෝදනා ලැබූ චින්තා නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම පුද්ගලයා සන්තකයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටින බවට වැල්ලම්පිටිය පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තාවේ.

එම වැටලීමේදී චින්තා නැමැති පුද්ගලයා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිය නයින් එම් වර්ගයේ පිස්තෝලයකි.

වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *