චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය පිළිබඳව කෝප්  කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදීය.

එම සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී   ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *