පවතින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජයට එරෙහි දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හමුවී සාකච්ඡා කරන ලෙසට පසුගිය යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සන්ධානයක් ගොඩනැගීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ කරළියට පැමිණියාය. .
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ප්‍රේමදාස මහතා රැස්වීම අවසන් වනතුරු සිටියේ නැත.
රජයට විරුද්ධ පාර්ශ්ව අතර ඉදිරි ගමන සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් මේ අවස්ථාවේ කළ යුතු ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඇය සාකච්ඡා කළාය. කිසියම් අතුරු විධිවිධානයක් ගැන සලකා බැලීමේ පළමු පියවර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) අවධාරනය කරයි.
කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් ස්වාධීන බව ප්‍රකාශ කළ පක්ෂ සහ කණ්ඩායම ජනාධිපතිවරයා ඉවත් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. එසේම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම හෝ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මීළඟ නායකත්වය පිළිබඳව ඔවුන් අතර එකඟතාවයක් නොමැත.
එම නිසා ඊයේ පැවති රැස්වීමේදී කළ යුතු දේ හඳුනාගැනීම සඳහා කමිටුවක් පිහිටුවීමට පක්ෂ තීරණය කළේය. අන්තර්වාර පාලනයෙන් පසුව වුවද ගත යුතු දේශපාලන පියවර සම්බන්ධයෙන් පොදු එකඟතාවක් තිබිය යුතු බව ඔවුහු තීරණය කළහ.