හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාගයක් කළාය.
තමා වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ඖෂධ පරිත්‍යාගය කළ බව හිටපු ජනපතිනිය කියන්නීය.
එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තම ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන්ද එම අවස්ථාවට සහභාගී වූ බව කුමාරතුංග මහත්මිය පවසන්නීය.