වෛද්‍ය වෘත්තීයවේදීන්

චක්‍රලේඛයට එරෙහිව වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් ලිපියක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙන නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සෞඛ්‍ය සේවාවට අදාළ සියලු නිලධාරීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සම්බන්ධයෙන් වන විධිවිධාන, අදාළ චක්‍රලේඛය මගින් නිෂ්චිතව පැහැදිලි කර නොමැති බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය තුළ අදාළ චක්‍රලේඛය වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බවට පෙනී යන බව රවී කුමුදේශ් මහතා සදහන් කර තිබේ.

මේ හේතුවෙන් ඒ පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස හා එතෙක් එම චක්‍රලේඛය බල රහිත කරන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *