ගෝඨාට මඩ ගැසූ ITN එකට මැ.කො.ස.ගෙන් පාඩමක්

එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම අධීක්ෂණය යටතේ පමණක් විකාශය කිරීමට නීති පනවා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ , එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ යුතු බවයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ. එසේ තිබියදීත් පසුගිය 30 වැනිදා ස්වාධීන රූපවාහිනිය විකාශය කළ වැඩ සටහනකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනියට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *