පොහොර සහනාධාරය හිමි සෙසු ගොවීන් 312,798ට එම සහනාධාරය දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගෙන් පත් වූ මහජන නියෝජිතයකු සහ විපක්ෂ නායකවරයා ලෙස ජනතාව මුහුණදෙන කාලීන ගැටලු ගැන විසඳුම් ලබා ගැනීම උදෙසා රජයට ඉදිරිපත් කිරීම වගකීමක් වුවත් පාර්ලිමේන්තු සභාගර්භයේදී කාලීන ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි වීමෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිට එම ගැටලු රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (10) මේ බව පැවසීය. පසුගිය දිනෙක අගමැතිවරිය විසින් හැන්සාඩ්ගත කළ ලේඛනයක් හරහා ගොවීන් මුහුණදෙන බරපතළ ගැටලුවක් මතුව තිබෙන බවත් රජය ප්‍රකාශ කරන ආකාරයට පොහොර සහනාධාරය හිමි ගොවීන් 996,992ක් සිටින බවත් පොහොර සහනාධාරය ලෙස ඔවුන්ට රු.25,000ක්, මුදල රු.15000ක් සහ රු.10000ක් ලෙස අදියර 2ක් යටතේ දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මේ වන විට මෙම ගොවීන් අතරින් රු.15000 සහනාධාරය 684,194කට (69%) ලැබී ඇති බවත් 31%කට එනම් 312,798කට එය අහිමි වී ඇති බවත් මේ රු.15,000 සහනාධාරය හිමි සෙසු ගොවීන් 312,798ට එම සහනාධාරය දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම රු.10,000 සහනාධාරය ලැබී ඇත්තේ 314,956කට එනම් 32%කට පමණක් බවත් එය ගොවීන් 682,041කට එනම් 68%කට අහිමි වී ඇති බවත් මෙම ඉතිරි රු.10,000 සහනාධාරය අහිමි වූ 682,041කට එය දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම රු.25,000 සහනාධාරය ක්‍රියාත්මක වීමට රු. බිලියන 24.9ක් වැය කර ඇති නමුත් රු. බිලියන 9.9ක් පමණක් එනම් 40%ක් කැප කර ඇති බවත් එම නිසා සම්පූර්ණ මුදල වහාම දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.