රටට අහිතකර ගිවිසුම් හරහා මෙරට ඉන්ධන අළෙවිය විදේශ සමාගම් හතරකට පවරා තිබීම හේතුවෙන් ඉන්ධන මිල ජනතාව බලාපොරොත්තු වන ආකාරයට අඩු කළ නොහැකි බවත් ඉන්ධන මිල අඩු කළහොත් අදාල සමාගම්වලට වූ පාඩුව බලශක්ති අමාත්‍යංශය ගෙවියයුතු යැයි ගිවිසුම්වල සඳහන්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමෙන් සමාගම්වලට පාඩුවක් වූයේ යැයි එය ගෙවන ලෙස මේ වන විටත් ඇතැම් සමාගම් බළශක්ති අමාත්‍යංශයට වියදම් වාර්තා ඒවා ඇති බව කී රාජකරුණා මහතා මෙම ගිවිසුම් වසර 20 ක කාලයක් සඳහා අස්සන් කර ඇති බව ද සඳහන් කළේය.
දේශපාලන හේතූන් මත අස්සන් කළ මෙම ගිවිසුම් හේතුවෙන් එකවර ඉන්ධන මිල අඩු කළ නොහැකි බවත් ඒ පිළිබඳව කළහැකි දේ පිළිබඳව සළකා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ නීති අංශය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
දේශපාලන සංවිධානය කටයුතු කරන ආකාරයට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව කී සභාපතිවරයා පැවසුවේ ඉතාම පරිස්සෙමින් මේ පිළිබඳව කටයුතු කරමින් සිටින බවත්ය.
ඉන්ධන මිල අඩු කළ පසුව ඔවුන්ගේ පිරිවැය ඉහළ ගිය බවට දැනුම් දෙන බව කී සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම විදේශ සමාගම් සමඟ තිබෙන ගිවිසුම් දැඩි බාධාවක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රය අනුව මුදල් අමාත්‍යංශය මිල තීරණය කරන බවත් ඉන්ධන සම්බන්ධයෙන් බදු පිළිබඳව මුදල් අමාත්‍යංශය තීරණයන් ගතයුතු බවත් රාජකරුණා මහතා කීය.
මෙම එක සමාගමක් ‘සිපෙට්කෝ’ ලාංඡනය යටතේ මේ දක්වා ඉන්ධන අළෙවි කරමින් සිටින බවත් ඔවුන් වාහාම එය වෙනස් කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ මහතා කීය.
මිල සූත්‍රය මත සුපිරි ඉන්ධන වර්ග දෙකේ මිල හෝ අඩු නොකළේ නම් එම වාසිය ද විදේශ සමාගමවලට හිමිවන බව කී ඒ මහතා ඉන්ධන මිල සූත්රට අනුව ගණනය කිරීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් නොවන බව ද සඳහන් කළේය.
ගුවන්යානා සහ නෞකාවලට ඉන්ධන සැපයීමෙන් තෙල් සංස්ථාව මීට පෙර ඩොලර් ඉපයුව ද පසුගිය ආණ්ඩු එම අවස්ථා වෙනත් පාර්ශවයන්ට දීමෙන් විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එම අවස්ථාව ද නැවත සිපෙට්කෝ වෙත ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.