වී

ගිය වසර දෙකේ දී රජය මිලට ගෙන ඇත්තේ වී මෙටි්‍රක් ටොන් 5000යි

රජය විසින් ගත වූ වසර දෙකේදී මිලදී ගෙන ඇත්තේ වී මෙටි්‍රක් ටොන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) පැවසීය.

එහිදී 2023 වසරේ රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇත්තේ යල කන්නයේදී පමණක් බවත් එය වී මෙටි්‍රක් ටොන් 2153ක් පමණක් බවත් 2024 මහ කන්නයේ මෙටි්‍රක් ටොන් 2637ක් වැනි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඔහු කීය.

කෙසේ වෙතත් මෙම වසරේදී රජය වී මෙටි්‍රක් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *