ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියක් හා ජිව උන්ඩ 30 ක් රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම කොස්තාපල්වරයා 08 රාත්‍රී විදේශ ගතව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නිලධාරියාට ඉකුත් 8 වෙනි දින කහ විට ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එලෙස පිටව යාමට විනාඩි 18 කට පෙරදී අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම උණ්ඩ 30 ක් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
එනමුත් එම කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරී සඳහා වාර්තාකර නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය. මෙම කොස්තාපල්වරයා ස්ථානයෙන් පිටව යාමේදී සටහන් යෙදීමක් හෝ කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔහුගේ පෞද්ගලික දුරකථනයද මේ වන විසන්ධි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.