නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ මිශ්‍ර උපද්‍රවකාරි අපද්‍රව්‍ය, කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ යෝජනා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත යොමු කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර තිබේ.
එම අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ඒ පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් යෙදවිය යුතු අතර ඔවුන් නිසි ආරක්ෂිත උපකරණ හා ක්‍රමවේද භාවිත කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ කටයුතු සඳහා ඊට අදාළ බලපත්‍ර සහිත ආයතන යොදාගත යුතු බව ද එම අධිකාරිය පවසයි.
අපද්‍රව්‍ය අපහරණය ඇතුළු මේ සම්බන්ධයෙන් සිදුකරන සියලු පිරිවැය අදාළ නැව් සමාගම විසින් දැරිය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සිය යෝජනා මඟින් පෙන්වා දී ඇත.