එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් සමූද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ බලපෑමත් සමඟ මෙරට මත්ස්‍ය අලෙවිය ශීඝ්‍ර ලෙස පහළගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොලේ වෙළෙඳුන් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය.
මත්ස්‍ය වෙළෙඳුන් පවසන්නේ, “අපි හැමදාම අමුවෙන් මාළු කාලා පෙන්නනවා. ඒත් මාළු අලෙවිය අඩු වෙනවා. ඔය කැස්බෑවෝ අද ඊයේ මැරුණ සත්තු නෙමෙයි. සති කිහිපයකට කලින් මැරිලා ගොඩ ගහන සත්තු,” යනුවෙනි.