ගෑස් මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුවෙන් අදාල සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති නමුත්, සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව රජය පවසා සිටියි. පාරිභෝගික කටයුතු අධිකාරියද පවසා සිටින්නේ රජය මේ දක්වා මිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත් ගෑස් සමාගම් පවසන්නේ ලෝක වෙළදපොලේ පවතින ගෑස් මිල අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි.