මෙරට ගෑස් මිල වසර 6 කින් ඉහළ නොදැමුණු නිසා ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙසට මෙරට ගෑස් ආනයනික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ සමාගම් විසින් ලෝක වෙළදපලේ ගෑස් මිල වැඩිවීම, විනිමය අනුපාතය සහ වෙනත් පිරිවැය කරුණු සළකා ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.
එම සමාගම් පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිටම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් කළ බවත්, ඊට අදාළව සාකච්ඡා වට ගණනාවක්ම මේ වනතුරු සිදුවූ බවත්ය. එමෙන්ම මේ වන විට සෑම ගෑස් සිලින්ඩරයක්ම අලෙවි කරණු ලබන්නේ අලාභ ලබමින් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.