ගැනුම්කරුවන් නැතිව මැති සබේ සුපිරි වාහන වේලෙයි

විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන  තක්සේරු කළ මිලට  ගැනීමට තවමත් නිසි  ගැනුම්කරුවන්   ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ.

ගැනුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා ඉදිරිපත් කර ඇත්තේ තක්සේරු කළ මිලට වඩා අඩු මිල ගණන් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තුව තක්සේරු කළ මිලට එම වාහන ගැනීමට ඉදිරිපත් නොවුවහොත් යළි ටෙන්ඩර් කැඳවීමට සිදුවන බව එම ප්‍රකාශකයා  සඳහන් කළේය.

මෙසේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම් කාර්යාලයට අයත් වී8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ  ජීප් රථ දෙකයි.

පාර්ලිමේන්තුවේ ඇති සෙසු  සුපිරි වාහනද  ඉදිරි දිනවල වෙන්දේසි කිරීමට නියමිතව  ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව බාරයේ    බස් රථ ඇතුළු වාහන සංඛ්‍යාව සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *