Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ගාසා තීරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් දිවයිනට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.

කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් ඊයේ (05) අලුයම දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය.

එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ, රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවට හෝටලයක රැඳී සිටි බවයි.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබිණි.

ඔබේ අදහස