ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී හිමිනමකගේ බවට සැක කෙරෙන මළ සිරුරක්

ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී මළ සිරුරක් ගොඩගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොටුව පොලිසිය එම මළ සිරුර හිමිනමකගේ බවට සැක කරයි.

පොලීසිය පැවසුවේ, ඊයේ දිනයේදී මෙම මළ සිරුර මුහුදු වෙරළේ පාවෙමින් තිබියදී සොයාගත් බව ය.

මියගිය පුද්ගලයා අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල පසුවන්නෙකු බවට සැක කරන අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

මරණයට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *