ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුත් මරුට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අදාළ රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින බන්ධනාගාර ගතවූ අයෙකු බව ද සඳහන් වෙයි.

අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය සතිය තුළ මාතර බන්ධනාගාරයේ ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

මේ අතර බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *