ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් අයකර නෑ

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක  නගර සභාව අයකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

එම ගාස්තු අයකර ගැනිමට  කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ සම්බන්දයෙන් ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  නොගෙවන ලද දැන්විම් පුවරු සදහා අදාළ පුද්ගලයන්ට එරෙහිව  නඩු පැවරිමට  කටයුතු කරමින්  පවතින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *