’’ග්‍රාම නිලධාරී පුරප්පාඩු කඩිනමින් පුරවනවා’’

දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය

එම පුරප්පාඩු සංඛ්‍යාව 3000ක් පමණ බව පැවසූ අමාත්‍යවරයා  එලෙස විශාල සංඛ්‍යාවක පුරප්පාඩු පුරවා නොතිබීම හේතුවෙන්  දැනට සේවයේ නියුතු ග්‍රාම නිලධාරීවරුන්ට  වසම් කීපයක රාජකාරී ආවරණය කිරීමට සිදුව ඇති බවද  සඳහන් කළේය.

ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කඩනම් විසඳුම් ලබාදීමට පියවරක් ගන්නා බවද හෙතෙම කීය .

ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *