ගල්කිස්ස ඝාතනයට ගිනි අවිය ලබාදුන් යුවළ අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස ගාලු පාර වෙරළ පාරඅසලදී  පුද්ගලයෙකු  වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් අඹු සැමි යුවළ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම යුවළගෙන් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු දෙහිවල ඕඩියන් හන්දියේදීත් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ බිරිඳ දෙහිවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉකුත් පස්වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන්  මිය ගොස් තිබුණේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය  අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19ක තරුණයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *