විදුලිය නිපදවීම සදහා අවශ්‍ය වන ගල්අඟුරු හිගයත් ඇති වීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියා සිටී.
ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින නිසා මෙම තත්වය උද්ගත වී තිබේ.
ගල් අඟුරු හිගයක් ඇති වූවොත් එමඟින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අක්‍රිය වීමෙන් දෛනික පැය 15 පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.
එවන් කප්පාදුවකට යාමට සිදු වුවහොත් එය මෙතෙක් කාලයකට මෙරට සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව වනු ඇති බව ද පැවසෙයි.
අප්‍රේල් මාසය අවසන් වන විට පෙර ගල් අඟුරු ආනයනය කිරීම ආරම්භ නොකළහොත් ඉන් පසු පැමිණෙන වාරකන් කාලයේ දී කිසිදු ගල් අඟුරු නැවක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිය.
එබැවින් ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන් ගල් අඟුරු ආනයනය කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවුණහොත් සිදුවන්නේ දින ගණනාවකටම අඳුරේ සිටීමට බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.