ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ජනපති අවධානය

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (19) රත්නපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගනිමින් නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවීමටත් ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බවත් මෙහිදී ජනාධිපතිවරයා ගොවීන්ට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *