ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය  අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්දර පොලිසිය පවසයි.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සිවු දෙනකු   අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචි 23 හැවිරිදි කාන්තාවක සහ 46 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බාලේ මල්ලි  නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට  පොලිසිය සැක පල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *