ජනාධිපති

ගණේමුල්ල සංජීව ගේ මව අධිකරණයට යයි

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි මස 24 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ගණේමුල්ල සංජීව ගේ මව වන එලන්නෝනා මැන්ඩිස් විසින් ඉදිරිපත්කර තිබෙන අදාළ පෙත්සම ඊයේ(25) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එහි වගඋත්තරකරුවන් ලෙස ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

විමර්ශන කටයුතු සඳහා තම පුත්‍රයා වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතට  පත් කිරීම තුළින් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව පෙත්සම්කාරිය කියා සිටියාය.

ඒ අනුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන පොලිස් ඒකක වෙත තම පුත්‍රයා මාරු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් අයැද සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *