ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස අගමැතිගෙන් උපදෙස්.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති අතර, සහන සැලසීම සඳහා මුදල් ලබාදීමට භාණ්ඩාගාරයට කතා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද ප්‍රකාශ කළේය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ කළුතර, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් අතර මූලික සාකච්ඡාවක් පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මුදල් වෙන් කර ඇති බවයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහනාධාර ලබාදීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *