’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් ඊයේ(4) පස්වරුවේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී ඊයේ(4) පෙරවරුවේ පැවැති සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා එසේ පැවසීය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන් එම සාකච්ඡාවේදී වට්ටම් සමුදල සම්බන්ධ නව සූත්‍රය පිළිනොගත් බව කී එම නිලධාරියා එය පිළිගත්තේ නම් තවත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.

සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් එම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී.යට ද කැඳවා ඇති බවත් එවැනි තත්වයක් තුළ ප්‍රාකාශකයන් කිරීම සම්බන්ධයෙන් දැඩි බියක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *