ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව ඇති මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කළ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරස්චන්ද්‍ර මහතා පවසයි. අදාළ තීරණය මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා විසින් තමන්ට දැනුම් දුන් බව ඒ මහතා දන්වා සිටියි.
මධ්‍යම අධිවේගී මාර්ගය කෲඩියා සෙලනිකා ගස පිහිටි ප්‍රදේශය හරහා වැටී තිබීම හේතුවෙන් ගස ඉවත් කිරීමේ සූදානමක් පැවති අතර පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශව කිහිපයක් ඊට විරෝධය පළ කළේය.