’’කෝඩුකාරයින්ට වැඩි දුරක් යන්න බෑ’’

ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අද්දැකිම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

වර්තමාන ආණ්ඩුව හිටපු ඇමැති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සුත්‍රයේ තවමත් එල්ලි සිටින බවත් ඉන්ධන මිල සුත්‍රය වෙනස් කර ගැනිමට පවා සවිඥාණික දැනුමක් ආණ්ඩුවට නැති බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ(2) පැවැති මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තවදුරටත් මෙසේද කීවේය.

“දිනකට රටේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්ට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩුකරන්න රජයට තිබුණා. ගොවින්ට, ධීවරයින්ට, කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩුකරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන් තමයි භුමිතෙල් නිෂ්පාදනය කරන්නෙත්.

ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩුකරන්න දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *